Friday, April 19, 2024

General line - 0115112241

"ලේකම්වරයා ඉදිරියේ පාර්ලිමේන්තු කමිටුව හැසිරුනු අයුරු වැරදියි" කමිටුවේම සාමාජිකයෙකුගෙන් චෝදනාවක්

සජිත් තිලකරත්න/සමන්ත කුමාර




රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැදවා ප‍්‍රශ්න කළ ආකාරය සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. 

රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක‍්‍රලේඛයක් පිලිබද එම කාරක සභාවේදි ප‍්‍රශ්න කෙරුණේ ඉකුත් බ‍්‍රහස්පතින්දායි. අදාළ ගැටළුව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර විසදා ගැනීමට තිබූ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියාසිටියේ.

ආණ්ඩුව ඒක පාර්ශවීය ලෙස කටයුතු කළහොත් තේරීම් කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙනයාමට නොහැකි වනු ඇතැයිද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නා.

මේ අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරිගෙන් ප‍්‍රශ්න කළ ආකාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ශී‍්‍ර ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පැවසුවා. රාජ්‍ය නිලධාරියෙකු ලෙස ජේ ජේ රත්නසිරි අදාළ කාරක සභාව හමුවේ පෙන්වූ අදීනත්වය අගය කරන බවයි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලිපියක් යොමු කරමින් කියාසිටියේ.