Friday, April 19, 2024

General line - 0115112241

උදර්පන නීති කෙටුම්පත අත්හිටුවීමට හොංකොං රජය තීරණය කරයි 

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මතභේදයට තුඩුදී ඇති උදර්පන නීති පනත් කෙටුම්පත අත්හිටුවීමට හොංකොං රජය තීරණය කර තිබෙනවා. ඒ අදාළ පනත් කෙටුම්පතට එරෙහිව රට පුරා ප්‍රබල මහජන විරෝධතා ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමක් තුළයි. පනත් කෙටුම්පත හේතුවෙන් රටේ විවිධ පාර්ශව අතර හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ මෙම තීරණයට එළඹි බව හොංකොං රාජ්‍යයේ විධායක කැරී ලෑම් ප්‍රකාශ කළා. 

දේශපාලන හෝ ව්‍යාපාර වැරදිවලට චෝදනා එල්ල වන පුද්ගලයින් චීන මව්දේශයට පිටවුහල් කිරීම සම්බන්ධයෙන් මෙම පනත් කෙටුම්පත හරහා නීති සකස් කිරීමට රජය කටයුතු කරන බවයි හොංකොං වැසියන් චෝදනා නැගුවේ. ඊට එරෙහිව ඉකුත් දින කිහිපය පුරාම හොංකොං රාජ්‍ය පුරා විරෝධතා පැවැති අතර හෙට දිනයේදීද රට පුරා ප්‍රබල විරෝධතාවක් කැඳවා තිබෙනවා. 

පනත් කෙටුම්පත අත්හිටුවීමට නොව එය අවලංගු කිරීමට රජය පියවර ගත යුතු බවයි විරෝධතාකරුවන් පවසන්නේ. එතෙක් රජයට එරෙහිව අඛණ්ඩව විරෝධතා විරෝධතා පවත්වන බවද විරෝධතාකරුවන් ප්‍රකාශ කළා.