Thursday, March 28, 2024

General line - 0115112241

බියෙන් හා සැකයෙන් තොරව ආගමික කටයුතුවල නිරත වන්න

හර්ෂිකා සංජීවනී/ලහිරු කපුගේ




රට තුළ සාමකාමී පරිසරයක් ඇති කර තිබෙන බැවින් ශ‍්‍රී ලංකාවාසී ජනතාවට ඉතා වැදගත් දිනයක් වන පොසොන් පොහෝ දිනය සැමරීම සඳහා විහාරස්ථානවලට ගොස් බෞද්ධ කටයුතුවල නියැලෙන ලෙස යුද හමුදාව ඉල්ලා සිටිනවා.

කිසිඳු බියකින් හා සැකයකින් තොරව ආගමික කටයුතුවල නිරත වීම සඳහා වූ පරිසරයක් රට තුළ මේවනවිට ස්ථාපිත වී ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු නෙත් නිවුස් වෙත කියා සිටියේ. ති‍්‍රවිධ හමුදාව හා පොලීසිය එක්ව රට තුළ ආරක්ෂාව තහවුරු කර ඇති බව ද ඔහු ප‍්‍රකාශ කළා.