Thursday, April 25, 2024

General line - 0115112241

2019 රජත පුස්තක සම්මාන උළලේ හොඳම කෙටි කතාව 'චයිනා ටවුම'

මහේෂ් චතුරංග




2019 රජත පුස්තක සම්මාන උළෙල ඊයේ (15) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මෙවර සම්මාන උළෙල සඳහා කෙටි කතා 46ක්, කාව්‍ය සංග‍්‍රහ 79ක් සහ යොවුන් සාහිත්‍ය කෘති 42ක් ඉදිරිපත් වී තිබුණා.

එහිදී හොඳම කෙටි කතාව ලෙස සම්මාන ලැබුවේ එරික් ඉලයප්ආරච්චිගේ චයිනා ටවුම කෙටි කතාවයි.

හොඳම කාව්‍ය සංග‍්‍රහයට හිමි සම්මානය රංජිත් මල්ලියාවඩු විසින් රචිත සහෝදර මුහුණුවර කාව්‍ය සංග‍්‍රහයට හිමිවුණා.

හොඳම යොවුන් සාහිත්‍ය කෘතියට හිමි සම්මානය දිනා ගත්තේ මහින්ද කුමාර දලූපොත විසින් රචිත අලි ඩෝලේ කෘතියයි. 

ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධාන කරන රජත පුස්තක සම්මාන උළෙල සම්බන්ධයෙන් එහි ප‍්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර නෙත් නිවුස් වෙත අදහස් දැක්වුවා. 

එහිදී ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය තෙවන වරට මෙවර මෙය සංවිධානය කළ බවයි. මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට හේතුවුයේ මේ වන විට සමාජයෙන් ඈත් වෙමින් පවතින කවිය, කෙටිකතාව සහ යොවුන් සාහිත්‍යය යන ක්ෂේත්‍ර තුන වෙත පාඨකයාව යළි ළං කර ගැනීමේ අරමුණෙන් බවද සඳහන් කළා.

රජත පුස්තක සම්මාන උළලේ නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කළේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.