Friday, April 26, 2024

General line - 0115112241

අද දවස පුරා නොමිලේ දුම්රිය ප‍්‍රවාහන සේවාවක්

හර්ෂිකා සංජීවනී




අනුරාධපුරය සහ මිහින්තලය අතර අද (16) දවස පුරා නොමිලේ දුම්රිය ප‍්‍රවාහන සේවාවක් කි‍්‍රයාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මගී අවශ්‍යතාව අනුව එම දුම්රිය සේවාව කි‍්‍රයාත්මක කරන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

පොසොන් පොහොය නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සෑම වසරකම අනුරාධපුරය සහ මිහින්තලය අතර මෙම දුම්රිය ප‍්‍රවාහන සේවාව කි‍්‍රයාත්මක කරනවා. 

මේ අතර පිට පළාත්වල සිට ද අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය සහ බස් රථ සේවා කි‍්‍රයාත්මකයි.