Friday, April 19, 2024

General line - 0115112241

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට එජාප මන්ත්‍රිගෙන් සුබ පැතුම්

ලහිරු කපුගේ




විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්ෂ බවට අනාවරණය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මයන්ත දිසානායක පවසනවා.

පාට පක්ෂ භේදයකින් තොරව තමා ඔහුට රට වෙනුවෙන් සුභ පැතුම් එක් කරන බවයි මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "මේ රටේ ජනාධිපති වෙන්න විශාල වරමක් පිනක් කරලා තියෙන්න ඕනේ. ගාමිණි දිසානායක මැතිතුමා තව දවස් 10ක් ජීවතුන් අතර සිටියා නම් අනිවාර්යයෙන්ම මේ රටේ ජනාධිපති වෙනවා. " යනුවෙනි.

මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ දොඩම්වල දියකෙලිනාවල කිත්සිරිමෙවන් රජමහා විහාරස්ථානයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.