Friday, March 29, 2024

General line - 0115112241

දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ යයි




දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ අගයක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වව්නියාව ප්‍රදේශයේ උපරිම උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04කින් ඉහළ ගොස් ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. මීට අමතරව බදුල්ල, යාපනය, කටුගස්තොට, නුවරඑළිය සහ රත්මලාන යන ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 03කින් ඉහළ ගොස් තිබෙනවා.

අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, රත්නපුරය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ ගොස් ඇති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ. රාත්‍රී කාලයේද මෙලෙස උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ ගොස් ඇති බවද ප්‍රකාශ කෙරුණා.