Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ජනපති සහ රුසියානු ජනපති අතර හමුවක්




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී රුසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ඇතැම් භාණ්ඩ සඳහා ඇමරිකාව විසින් මේ වන විට පනවා ඇති සම්බාධක සහ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ජා වී ඇතැයි සඳහන්.

මෙම හමුව සිදු වුණේ ටජිකිස්ථානයේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ පස්වන සමුළුව අතරතුරදීයි. එහිදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම කාලාපිය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ එහිදී අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම නුදුරු දිනකදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් වෙත ආරාධනයක්ද සිදු කර තිබෙනවා. සිය ටජිකිස්ථාන සංචාරය නිම කර ජනාධිපතිවරයා අද (16) දිවයිනට පැමිණියා.