Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ආරක්ෂිතයි : මාලදිවයින් නියෝජිත පිරිස කියයි




ශ්‍රී ලංකාව සංචාරකයින්ට හිතකර සාමකාමී සහ ආරක්ෂිත රටක් බව මෙරටට පැමිණි සිටින මාලදිවයින් නියෝජිතයින් පවසනවා. ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන යහපත් තත්වය ලෝකයට පෙන්වා දීම තම සංචාරයේ අරමුණ බවයි. මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙම නියෝජිත පිරිසට මාලදිවයින් උප ජනාධිපති ෆයිසල් නසීම්, කතානායක හා හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් මෙන්ම මාලදිවයින් අමාත්‍යවරු සහ ධුත පිරිසක් අයත්.

ඔවුන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනමා තිබෙනවා. දෙරට අතර මිත්‍රත්වය තහවුරු කරමින් මෙම සංචාරයට එක්වීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා එහිදී මාලදිවයින් නියෝජිතයින් පිරිසට සිය කෘතඥතාව පළ කල බවයි  අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.