Tuesday, April 23, 2024

General line - 0115112241

පාකිස්තානයේ බුද්ධි අංශ ප‍්‍රධානියා ඉවත් කෙරේ

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාකිස්තානයේ බුද්ධි අංශ ප‍්‍රධානියා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ලුතිතන් ජෙනරාල් අසීම් මුනීර් එම ධුරයට පත් කෙරුණේ මීට මාස 08කට පෙර වීමද විශේෂත්වයක්. කෙසේවෙතත් බුද්ධි ප‍්‍රධානියා ධුරයෙන් ඉවත් කිරීමට බලපෑ හේතුවක් මෙතෙක් අනාවරණ කර නැහැ. 

පාකිස්තානයේ බුද්ධි අංශ ප‍්‍රධානී තනතුර එරට ඇති වඩාත් වැදගත් තනතුරු අතරින් එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අයි. එස්. සටන්කාමීන්ට මෙන්ම තලෙයිබාන් සහ සෙසු සටන්කාමී සංවිධානවලට සහය ලබාදෙන බවට පාකිස්තාන බුද්ධි අංශයට චෝදනා එල්ල වී ඇති බව රොයිටර් පුවත් සේවයද වාර්තා කළා.