Thursday, April 18, 2024

General line - 0115112241

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නෙකු ආබාධයකට ලක්වෙයි




ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නෙකු වන බුවනේෂ්වර් කුමාර් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ලෝක කුසලාන තරග සැලසුම්වලට බලපෑම් එල්ල වී තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය කණ්ඩායම සහභාගී වීමට නියමිත ඉදිරි තරග 03ක් පමණ ඔහුට අහිමිවනු ඇති බවයි. බුවනේෂ්වර් කුමාර් යනු ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන ආරම්භක වේග පන්දු යවන්නායි. මීට පෙර ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ද ආබාධයකට ලක්වුණා.