Thursday, April 25, 2024

General line - 0115112241

ඊජිප්තු හිටපු ජනපති අධිකරණය තුලදී මියයයි 

දිනුක් හේවාවිතාරණ




2013 වර්ෂයේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකරනු ලැබූ ඊජීප්තු ජනාධිපති මොහොමඩ් මුර්සි අධිකරණය තුලදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්තවු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අද (17) පැවති නඩු විභාගයක් සඳහා ඔහු සහභාගිවී සිට ඇති අතර එක්වර ඔහු ක්ලාන්තවී අධිකරණය තුලදී ඇද වැටුණු බවයි ඊජීප්තු රජයේ රුපවාහිනි සේවය වාර්තා කර සිටියේ.

සිය ප්‍රතිවාදීන් ඝාතනය කිරීම, ඔත්තු බැලීම වැනි චෝදනා රාශියක් සම්බන්ධයෙන් මොහොමඩ් මුර්සි හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ලවී තිබුනා. ඒ හේතුවෙන් එරට රජයේ හමුදාවන් විසින් සිදුකරනු ලැබූ කුමන්ත්‍රණයකින් ඔහු බලයෙන් පහකරනු ලැබූ අතර පසුව බන්ධනාගාර ගත කර සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.