Wednesday, April 24, 2024

General line - 0115112241

කොදෙව්වන් පුදුම කරමින් බංග්ලාදේශ පිතිකරුවන් පෙරළිකාර පිතිහරඹයක

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (17) පැවති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පෙරළිකාර ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 8 ක් දැවී ලකුණු 321 ක් රැස් කළා.

එම ලකුණු සංඛ්‍යාව හඹායාම අභියෝගයක් වුවත් සකීබ් අල් හසන්ගේ සහ ලිටන් දාස්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් එම ජයග‍්‍රාහී සීමාව පසුකර යාමට බංග්ලාදේශයට හැකි වුණා.

බංග්ලාදේශ ඉනිම ඔසවා තැබූ සකීබ් අල් හසන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිට පිට දෙවන ශතකය වාර්තා කරමින් ඊයේ තරගයේදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 124 ක්. ඔහුට අනෙක් අන්තයෙන් අනගි සහායක් ලබාදුන් ලිටන් දාස් පන්දු 69 කදී නොදැවී ලකුණු 94 ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව මෙම තරගය බංග්ලාදේශය ජයගත්තේ කඩුලූ 7 කින්.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ බංග්ලාදේශය කොදෙව් කණ්ඩායම පරාජය කළ පළමු අවස්ථාවද මෙය වනවා. බංග්ලාදේශය ලද මෙම ජයග‍්‍රහණය ලෝක කුසලාන කි‍්‍රකට් ඉතිහාසයේ දෙවන සාර්ථක හඹා යාම ලෙසද වාර්තා පොත් අතරට එක් වුණා. මෙම ජයග‍්‍රහණයත් සමග බංග්ලාදේශ කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ පස් වන ස්ථානය දක්වා පැමිණීමටද සමත් වී සිටිනවා.