Tuesday, March 19, 2024

General line - 0115112241

උතුම් ධාතූන් වහන්සේ නැවත ශාක්‍යසිංහ සුගන්ධ කුටිය වෙත වැඩම කෙරේ




සුවහසක් සැදැහැවතුන්ගේ වන්දනා මානයට පාත‍්‍ර වූ අසිරිමත් නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී අද (18) අළුයම සාර්ථකව අවසන් කෙරුණා.

නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියා.

මෙලෙස සැදැහැවතුන්ගේ වන්දනා මානයට පාත‍්‍ර වූයේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේයි.

මෙම උතුම් ධාතූන් වහන්සේ අද පෙරවරුවේ පැවැත්වෙන සම්බුද්ධ පූජාවෙන් පසු යළි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශාක්‍යසිංහ සුගන්ධ කුටිය වෙත වැඩම කෙරෙනු ඇති. 

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් සඳහන් කළේ දින 10ක් පුරාවට ස්ථාන 04කදී පැවැති මෙම නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ වන්දනාමානයට පාත්‍ර වූ බවයි.

 

(මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ පුවත් මෙතැනින්)