Thursday, October 24, 2019
Hotline - 0770586666

වෛද්‍ය සාෆි වරදකරු වුණොත් මව්වරුන්ට වන්දි මුදලක් දෙන්නලු (PHOTOS)

ලලිත් චාමින්ද

4376Views

 

 

 

 

 

චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සාෆිට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් අක්මීමන ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඒ.කේ සුගත් ඇතුළු ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු පිරිසක් අද (18) පෙරවරුවේ විරෝධතාවයක් සිදු කරනු ලැබුවා.

අදාළ වෛද්‍යවරයා චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වුවහොත් සිද්ධියට මුහුණදුන් මව්වරුන්ට වන්දි මුදලක් ලබා දිය යුතු බවද සඳහන් කළා.

ඒ අනුව චෝදනා එල්ල වී ඇති වෛද්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි ඉන්දික නවරත්න විසින් ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි අනිල් ප්‍රියදර්ශන ස්ථීර කළ අතර එම යෝජනාව සභා සම්මත වුණා.