Thursday, March 28, 2024

General line - 0115112241

මිල අධික විදුලි ජනන යන්ත්‍ර විසන්ධි කරන බව ඇමති කියයි

සජිත් තිලකරත්න




මිල අධික විදුලි ජනන යන්ත‍්‍ර ඉදිරි වසර එකහමාරක කාලය තුළ සම්පූර්ණයෙන් විසන්ධි කරන බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින්.

එහිදී අඩුම වියදමට විදුලිය ජනනය කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් යම් විදියකින් නිර්භීත දේශපාලන තීන්දු අවශ්‍ය බවත් සඳහන් කෙරුණා. 

විදුලි පාරිභෝගිකයාට මුල්තැන දී ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේ.