Friday, March 29, 2024

General line - 0115112241

සැකකාර ඥාති පුත්‍රයා මුදා හැරීමට පොලිසියට අල්ලස් දෙන්න යද්දී අත්අඩංගුවට ගත් සැකකරුට ඇප

අධිකරණ වාර්තාකරු




ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු වූ තම ඥාතී පුත්‍රයා ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලස් මුදලක් දුන්නේ යැයි කියන චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළා.

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් නැමැති සැකකරු වෙනුවෙන් අල්ලස් ලබාදුන්නැයි කියන ව්‍යාපෘති නිලධාරී මොහොමඩ් සිෆාන් නැමැත්තායි.

සැකකරු රුපියල් 15,000 සක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ හතර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

හොරොව්පතාන ස්ථානාධිපති P.P.S.R.සංජීවගේ පැමිණිල්ලට අනුව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ  නිලධාරීන් විසින් සැකකරු මැයි මස 05වැනි දා අත්අඩංගුවට ගනු ලැබුවා. සියලු කටයුතු සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් දෙන බවත් අත්තිකාරමක් ලෙසට රුපියල් ලක්ෂ දෙකහමාරක් ගෙවීමට පැමිණි අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.