Wednesday, April 24, 2024

General line - 0115112241

කොතරම් බලවත් වුණත් මර්දනය කරනවා




කොතරම් බලවත් වුවත් මත්ද්‍රව්‍ය ජාවාරම කඩිනමින් මර්දනය කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ රාගම බැසිලිකා විද්‍යාලයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකදීයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණද ඉන් පළක් නොමැති බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

පොලීසියේ මෙහෙයුම්වලට මහජනතාවගේ සහාය අවශ්‍ය බවද මහජනතාව පොලීසිය කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්‍ෂා කරන බවද පොලිස්පතිවරයා මෙහිදී කියාසිටියා.