Friday, March 29, 2024

General line - 0115112241

නීතිපති, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය විමසයි

අධිකරණ වාර්තාකරු




පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හා මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධීන්වලට අදාළව සිදුකරන විමර්ශනවල වර්තමාන තත්වය වහාම තමන්ට දැනුම් දෙන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බලධාරීන්ට නියම කර තිබෙනවා.

වැඩබලන පොල්සිපති චන්දන වික්‍රමරත්නට නීතිපතිවරයා ලිඛිතව කළ මෙම දැනුම්දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්නටද දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

කාත්තතන්කුඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ජාතික තව්හීද් ජමාත් සංවිධානය ඇතුළු අන්තවාදී ඉස්ලාම් සංවිධාන තුනක් සම්බන්ධයෙන් සහ ඒවායේ සාමාජිකයන් සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන ලෙසද නීතිපතිවරයා අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.