Saturday, April 20, 2024

General line - 0115112241

බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බව ජනපති කියයි




රාජ්‍ය පාලකයින් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් රට කිසිසේත් වැරදි මඟට යොමු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ සෑම විටම රට තුළ බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු බවයි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ හඟුරන්කෙත මාදන්වල රජමහා විහාරස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.