Friday, March 29, 2024

General line - 0115112241

"අද අසංවේදී මිනිසුන් පිරිසක් බිහි වෙලා"




අද සමාජයේ බහුතරයකට ජීවත් වන අරමුණ කුමක් දැයි නිසි වැටහීමක් නොමැති බව කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ චින්තන අංශයේ අංශ ප‍්‍රධානී මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමියන් පවසනවා. උන්වහන්සේ ප‍්‍රකාශ කළේ අද වනවිට අසංවේදී මිනිසුන් පිරිසක් බිහිවී ඇති බවත් ඕනෑම ගැටළුවක් ගැඹුරට සොයා බැලීමකින් තොරව මතුපිට දකින දෙයින් පමණක් තීන්දු ගන්නා තත්ත්වයට පත්ව ඇති බවයි.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (18) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

වතුපිටිවල මූලික රෝහලේ සහ මහරගම අපේක්‍ෂා රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පකුමාර කඳපොල ආරච්චිගේද මෙම වැඩසටහනට එක්වුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.