Thursday, March 28, 2024

General line - 0115112241

අලුයම සිදු වූ රිය අනතුරකින් පස් දෙනෙක් මරුට - 12කට තුවාල




වැලිකන්ද, මරදන්කඩවල, තිරික්-කොන්ඩියාඩිමඩු මාර්ගයේ කොළකන වාඩිය ප‍්‍රදේශයේදී අද (19) අළුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඉන් 4 දෙනෙකුම කාන්තාවන්.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 12 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්ට‍්‍රැක්ටරයක් සහ වෑන් රථයක් ගැටී මෙම අනතුර සිදුවුණා. අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් වූ සහ තුවාල ලැබූ සියළු දෙනා අත්ට‍්‍රැක්ටරයේ ගමන් ගත් පිරිසයි.