Friday, March 29, 2024

General line - 0115112241

සාෆිට එරෙහි පැමිණිලි ගැන පරීක්ෂණ කාසල් හා සොයිසා කාන්තා රොහල් වලදී

හර්ෂිකා සංජීවනී




වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් මව්වරුන් ඉදිරිපත් කළ පැමිණිලි පිළිබද පරීක්ෂණ කොළඹ කාසල් කාන්තා රෝහලේදී හා ද සොයිසා කාන්තා රෝහලේදී සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාල පරීක්ෂණ සදහා සියලූ පහසුකම් සලසන ලෙසයි කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත්තේ. සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව පුද්ගලයින් 758 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවද ප‍්‍රකාශ කෙරුණා.