Friday, March 29, 2024

General line - 0115112241

අවසන් පන්දුවාරයෙන් නවසීලන්තය ජය තහවුරු කරගනී

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග ඊයේ (19) පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

බර්මින්හැම්හිදී පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් ඉණිමක් පන්දුවාර 49කට සීමා කෙරුණා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 49දී කඩුලූ 06ක් දැවී ලකුණු 245ක් රැස් කළා. රසී වැන්ඩ ඩුසේන් නොදැවී ලකුණු 67යි.

ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම සිය ජයග‍්‍රහණය තහවුරු කළේ අවසන් පන්දුවාරයේදීයි.

ඔවුන්ට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 08ක් ලබාගත යුතුව තිබුණා. අවසන් පන්දුවාරයේ 02වන පන්දුවට සහ 03වන පන්දුවට පිළිවෙලින් හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියා.

නවසීලන්ත ජයග‍්‍රහණයේ නියමුවා වූ කේන් විලියම්සන් එහිදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 106ක්. 

මෙම ජයග‍්‍රහණයත් සමග නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා. ඒ, අපරාජිතව ප‍්‍රසාද ලකුණු 09ක් ලබා ගනිමින්.