Thursday, April 25, 2024

General line - 0115112241

හෙරොයින් ජාවාරම් සිද්ධියට ආබාධිත සෙබලාට කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

දිනුක් හේවාවිතාරණ




යුධ හමුදාවේ හිටපු, ආබාධිත සෙබලෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් විසින් බරපතල වැඩ සහිතව ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කරනු ලැබුවා.

ඒ හෙරොයින් ග්‍රෑම් 2.77ක් ලඟ තබා ගෙන ජාවරම් කිරිමේ චෝදනාවකටයි. 

කොළඹ අපරාධ පරික්ෂණ කොට්ඨාෂයේ නිලධාරින් කණ්ඩායමක් 2013 වර්ෂයේ අගෝස්තු මස 09 වෙනිදා කොළඹ ඇන්ඩෲ වත්ත ප්‍රදේශයේදී සිදුකල වැටලිමකදී සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව පැවති යුද්ධයේදි සක්‍රිය දායකත්වය ලබාදී තිබු මෙම විත්තිකරු, යුධ භුමියේදී එල්ලවු බෝම්බ ප්‍රහාරයකින් ඔහුගේ එක් ඇසක් අහිමිව ගොස් ඇති අතර ඒ අනුව ඔහු ආබාධිත තත්ත්වයට පත්ව ඇති බවට නඩු විභාගයේදී හෙළි වුණා.