Friday, April 19, 2024

General line - 0115112241

මහානාම සහ දිසානායකට එරෙහි නඩුව පළමුවෙනි විශේෂ මහාධිකරණයට

දිනුක් හේවාවිතාරණ




කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රසූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබාගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම් දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථවේ හිටපු සභාපති පී. දිසානායකට එරෙහිව අල්ලස් කොමිසම පළමුවෙනි විශේෂ මහාධිකරණය හමුවේ අද (20) නඩු පවරනු ලැබුවා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙහිදී විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා 24ක් යටතේ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර, එම නඩුව සඳහා සාක්ෂිකරුවන් 46 දෙනෙකුද නම් කර තිබෙනවා.

2018 වර්ෂයේ මැයි මස 08 වෙනිදා කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක රථ ගාලකදී මෙම විත්තිකරුවන් දෙදෙනා අදාල අල්ලස් මුදල් ලබා ගෙන ගණන් කරමින් සිටියදී අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන කණ්ඩායමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 27/9,  රොස්මිඞ් පෙදෙස, කොළඹ 07 ලිපිනැති එම්. ජී.ෂුගර් ලංකා පුද්ගලික සමාගමේ ප‍්‍රධානී නඩරාජා නැමැති ඉන්දීය ජාතිකයා විසින්.