Wednesday, April 24, 2024

General line - 0115112241

ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානියාට සහ දැව සංස්ථාවේ හිටපු සභාපතිට ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු

අධිකරණ වාර්තාකරු




අල්ලස් චෝදනා ලබා  සිටින ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායකට එරෙහිව අල්ලස් කොමිසම අද ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරනු ලැබුවා.

ඒ, අධිචෝදනා 24ක් යටතේයි. ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීම සදහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය අල්ලස් කොමිෂන් සභාවට මීට පෙර අවසර ලබා දී තිබුණා.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සූත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි 54ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගත් බවටයි මෙම නිලධාරීන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත්තේ.