Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹ ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා පැය 15ක ජල කප්පාදුවක්

කසුන් කැළුම්




කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බලප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

එමෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බලප‍්‍රදේශවලට මෙන්ම කොටිකාවත්ත - මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයට සහ රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස වලට ද ලබන සෙනසුරාදා ජල සැපයුම අත්හිටුවනවා.

අදාළ ප‍්‍රදේශවලට ලබන සෙනසුරාදා පෙරවරු 09 සිට මධ්‍යම රාතී‍්‍ර 12 දක්වා ජල සැපයුම අත්හිටුවෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.