Friday, April 19, 2024

General line - 0115112241

අබ්දුල් රාසික්ගෙන් විශේෂ කාරක සභාවට පැය එකහමාරක සාක්ෂියක් (UPDATE)

දිල්ශාන් තුෂාර /සමන්ත කුමාර




ශ‍්‍රී ලංකා තව්හිද් ජමාද් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද සාක්ෂි ලබා දුන්නා

 පැය එකහමාරක පමණ කාලයක් කමිටු සාමාජිකයන්ගේ ප‍්‍රශ්ණවලට ඔහු පිළිතුරු ලබා දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ 

එහිදී තව්හිද් ජමාද් සංවිධාන ජාලය පිළිබඳ ඔහු මෙලෙස කරුණු දැක්වුවා

තව්හිද් සංවිධානවලට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද කමිටු සාමාජිකයින් මෙහිදී ප‍්‍රශ්ණ කළාග  

 

-----------------------------------------------------------------------------------------------------------------

අබ්දුල් රාසික් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

20-06-2019 15:21

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මීට නොබෝ වේලාවකට පෙර රැස්වුණා.

ශ‍්‍රී ලංකා තව්හිද් ජමාද් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් එම කාරක සභාව හමුවේ මේවනවිට සාක්ෂි ලබා දෙමින් සිටිනවා.

පස්වරු 02 .45ට පමණ ඔහු සාක්ෂි ලබා දීම සඳහා කාරක සභාව හමුවට පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.