Friday, April 19, 2024

General line - 0115112241

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගතවීම සඳහා දුන් අවසරය අධිකරණය අවලංගු කරයි

අධිකරණ වාර්තාකරු




 පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස්ගත වීමට මීට පෙර ලබා දී තිබූ අවසරය අත්හිටුවීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, අදාළ නියෝගය අවලංගු කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

සිය දියණියගේ විවාහ මංගල උත්සවයට සහභාගීවීම සඳහා ජෙෆ්රි ඇලෝසියස්ට ජූලි 01වනදා සිට 11 වනදා දක්වා සිංගප්පූරුවේ සංචාරය කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මීට පෙර අවසර ලබා දුන්නා.