Wednesday, April 24, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය : නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිසියේ 09කට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්න - නිතිපති උපදෙස් දෙයි

දිනුක් හේවාවිතාරණ




“2019 අපේ‍්‍රල් 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධ සිදුවීම් මාලාව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ විමර්ශන මණ්ඩලය” විසින් පසුගිය ජුනි මස 07 වෙනිදා ලබාදී ඇති අවසන් වාර්තාවේ නිර්දේශයන්ට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු පොලිසියේ නිලධාරීන් 09 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා අද (20) නියෝග කර ඇති බව වාර්තා වනවා.

එම කමිටුවේ අවසන් නිර්දේශ මත මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු සාපරාධි සහ විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි මෙහිදී නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව නීතිපතිවරයාගේ නිර්දේශ මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු, ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට සහ කටාන හා ජම්පටා විදියේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.