Wednesday, April 24, 2024

General line - 0115112241

මැදියම් රැයට පෙරම දුම්රිය කිහිපයක් අවලංගුවීමෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන්තාවක් (UPDATE)

සමන්ත කුමාර




අද රාති‍්‍රයේ ධාවනයවිමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රිය 05ක් අවලංගු කර තිබෙනවා. අද රාති‍්‍රයේ ධාවනය කිරීමට නියමිතව තිබූ තවත් දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට යාම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී නොසුන්සුන්තාවක් ද ඇතිවුණා.

පොලීසිය මැදිහත්වීමෙන් එම තත්ත්වය පාලනය කෙරුණු අතර දුම්රිය කිහිපයක් නැවත ධාවනයට එක් කෙරුණා. 

සාකච්ඡා අසාර්ථකයි - අද මධ්‍යම රාති‍්‍රයේ සිට දුම්රිය වර්ජනයක්

20-06-2019 19:12

මුදල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡුාව අසාර්ථකවීම හේතුවෙන් අද මධ්‍යම රාති‍්‍රයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න පැවසුවේ දුම්රිය පාලකවරුන්, දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිිපයක් මෙම වැඩවර්ජනයට එක්වන බවයි.