Saturday, April 20, 2024

General line - 0115112241

පරීක්ෂණ කඩිනම් කරන්න - ජනපති කියයි

සමන්ත කුමාර




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, ජාතික ආරක්ෂක කමිටුව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැුස්වූ අවස්ථාවේදීයි. අදාල පරීක්ෂණ අවසන් කර ත‍්‍රස්තවාදයට සම්බන්ධ නොමැති සියලූ දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

රටේ ආරක්ෂක වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ද සමාලෝචනයට ලක් කෙරුණා.

ආගමික උත්සව සහ මහජන හමුවීම් පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සහතික කිරීමට අඛණ්ඩව පියවර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එහිදී පැහැදිළි කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් රැසක් සහ ආරක්ෂක ප‍්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටි බව ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.