Thursday, April 25, 2024

General line - 0115112241

වහාබ් මතවාදයේ දරුණුකම ගැන මවුලවිවරයෙක් හෙළිකරයි

සජිත් තිලකරත්න




වහාබ් මතවාදීන්ගේ කි‍්‍රයාකාරකම් සහ අන්තවාදය සම්බන්ධයෙන් තමා 2012 වසරේදී බලධාරීන් දැනුවත් කළ බව ගාල්ලේ මුස්ලිම් පල්ලි භාරකරුවන්ගේ සංගමයේ සභාපති M. Z. මොහොමඞ් මවුලවී පවසනවා.

ඒ, නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්. 

අන්තවාදී කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා. 

එහිදී "මෙම වහාබ් මතවාදය දරුණු මතවාදයක් බව ඒ පිළිබඳව බොහෝදුරට අධ්‍යනය කළ මට තේරුම් ගියා. මේ වතවාදය දරන අය වෙනස් පුද්ලගයන් බවට පත්වෙනවා.. ඉන්පසු ඒ අය කරන දේ පිළිබඳව කලින් තීරණය කරන්න අමාරුයි. මොනවා මොනවා කරයිද දන්නෑ." යනුවෙන් සඳහන් කළා.