Friday, March 29, 2024

General line - 0115112241

කළුතර රෝහල්වල හදිසියේ වැඩවර්ජනයක් ඇරඹෙයි




කළුතර දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අද (24) දහවල් 12.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කළුතර රෝහල් වෙත මැර පිරිසක් එවා අදාළ වැඩසටහන කඩාකප්පල් කිරීමට උත්සහ කිරීමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට චෝදනා එල්ල කරමින් අදාළ ක්‍රියාවට විරෝධය පළ කරමින් මෙම පියවර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.