Tuesday, March 19, 2024

General line - 0115112241

හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන්න : නීතිපති උපදෙස් දෙයි 

අධිකරණ වාර්තාකරු




පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙසට නීතිපතිවරයා අද (24) වැඩ බලන පොලිස්පති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාළාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පත් කල විශේෂ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාවේ නිර්දේශ සලකා බැලීමේන් පසුව නීතිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දෙමින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා ඇති බවයි වාර්තා වන්නේ.