Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය වෙතින් "SLT muve"




ශ්‍රී   ලංකාවේ   ප්‍රමුඛතම   සන්නිවේදන   සේවා   සැපයුම්කරු   වන   ශ්‍රී   ලංකා   ටෙලිකොම්,   සම්බන්ධිත සාම්ප්‍රදායික  ටැක්සි  රථ  සේවා  කර්මාන්තය  සහ  ප්‍රවාහන  ක්‍ෂේත්‍රය  විප්ලවීකරණයකට  ලක්කරමින්  සිය ඩිජිටල්  සේවා  අනුබද්ධිත  සමාගම  වන  ශ්‍රී  ලංකා  ටෙලිකොම් Digital Info Services (pvt ) Ltd (SLTDS) සමාගම හරහා "SLT muve" නම් නව පරපුරේ Smart සේවය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දියත් කරයි.

2019  ජුනි  11  වැනිදා,  අඟහරුවාදා,  කොළඹ,  නෙළුම්  පොකුණ  රඟහලේ  පැවැති  විශේෂ  උත්සවයකදී SLTDS විසින්  මෙම  නව්‍යකරණ  ප්‍රවාහන  සේවාව  නිල  වශයෙන්  එළිදැක්වීම  සිදුකරන  ලදී.  කොළඹ නගරය  හා  බස්නාහිර  පළාත  ආවරණය  වන  අයුරින්  මාස  කිහිපයක්  පුරා  සිදුකරන  ලද  සාර්ථක  අත්හදා බැලීම්වලින් පසු   "SLT muve"  Smart ප්‍රවාහන සේවය ශ්‍රී ලංකාවට හඳුන්වාදී තිබේ.

"SLT muve"  යෙදුම  සිය  රියදුරු  සහකරුවන්ට,  රට  තුළ  පවත්නා  මෙම  සේවාවට  සමාන  වෙනත්  කිසිදු සේවාවක්  සමඟ  සම  කළ  නොහැකි  අන්‍යෝන්‍ය  වශයෙන්  ප්‍රතිලාභ  හිමිවින  හවුල්කාරීත්වයක්  ලබාදී ඇත්තේ  මඟීන්ටද  පහසු  මිල  ගණන්  සහිත  ආරක්ෂාකාරී  සහ  විශ්වාසදායී  අත්දැකීමක්  ලබාදෙමින්  වීම විශේෂත්වයකි.

සාධාරණත්වය,  විශ්වසනීයත්වය,  ගුණාත්මකභාවය  හා  මුදල්  පිළිබඳ  වටිනාකම  වටා  මෙම  කර්මාන්තයේ ඇති ගැටළු නිරාකණය කිරීම මෙම නවෝත්පාදනයේ අරමුණයි. ශක්තිමත් යෙදුම හා රියදුරන් හා මඟීන් වෙනුවෙන්  24  පැයේ  ක්‍රියාත්මක  වන  සහාය  මධ්‍යස්ථානය,  ශක්තිමත්  පුද්ගලික  දත්ත  ආරක්‍ෂණ  ක්‍රමය, රියදුරු පුහුණුව, පිරිසිඳු හා ආරක්ෂාකාරී වාහන හා මඟීන්ට තම ගමන්  විස්තරය පවුලේ අය සමඟ හෝ යහලුවන්  සමඟ  බෙදා  හදාගැනීමට  ඇති  හැකියාව  මඟින්  එම  ගැටළු  අභිබවා  යන්නට "SLT muve"  සමත්  වී තිබේ. 

"SLT muve"  තීරණ   ගැනීමේදී   සාධාරණත්වයට   මුල්තැන   ලබාදීම   හා   ආර්ථික මූලාරම්භයන් තෝරාගැනීම හා බෙදාහදාගැනීම දිරිමත් කිරීමෙහි සහතික වී තිබේ.

මූලික   සම්බන්ධතාවය   ලබාදීමේ   සිට   වර්තමානයේ   තොරතුරු   සන්නිවේදන   තාක්ෂණය   පිළිබඳ අවබෝධය   ලබාගැනීමට   නිරන්තරයෙන්   වෙනස්වන   තාක්‍ෂණයන්   යාවත්කාලීන   කරමින්   ශ්‍රී   ලංකා ටෙලිකොම්  වසර  160කටත් වැඩි කාලයක්  පුරා  අවස්ථාවන්  නිර්මාණය  කරමින්  හා  ශ්‍රී  ලාංකිකයන්ගේ සිහින  හා  අභිලාෂයන්  සැබෑකරයි.  වර්තමානයේදී  ශ්‍රී ලංකා  ටෙලිකොම්  සමූහය,  සන්නිවේදන  සේවා සැපයුම්කරුගේ   භූමිකාවේ  සිට   ඩිජිටල්   සේවා   සැපයුම්කරුගේ   භූමිකාව   දක්වා සංක්‍රමණය වෙමින් ජාතියේ වැඩිම තෝරාගැනීමක් සහිත ජීවන රටා සහකරු වීමේ පරිවර්තනීය ගමණකට උරුමකම් කියයි.

සන්නිවේදන  ක්ෂේත්‍රයේ  දැවැන්තයා  විසින්  හඳුන්වාදෙන  ලද "SLT muve" smart ප්‍රවාහන  විසඳුම  දියත් කිරීමේදී  (Smart Transportation Platform) අදහස්  දැක්වූ muve Australia  සම නිර්මාතෘ හා අධ්‍යක්‍ෂක වජිර ජයසූරිය මහතා ‘සමාජීය වගකීමක් ඇති සමාගමක් විදියට අප සමාගමේ සේවය කරන්නන් හා අප විසින් ලබාදෙන සේවයන් ලබාගන්නා පුද්ගලයන් පාර්ශ්වකරුවන් විදියට අපි සලකනවා. අපට වගකීමක් තිබෙනවා  සාධාරණ  වෙන්න  වගේම  අපත්  එක්ක  බැඳෙන  සියලු  දෙනාට  ආපසු  යමක්  ලබාදෙන්න.  ශ්‍රී ලංකාවට   විවිධාංගීකරණය   වූ   ජංගම   අවශ්‍යතා,   ව්‍යාපාර   හිතකර   වටපිටාවක්   හා   සියල්ල   ඇතුළත් සංස්කෘතියක් තිබෙන බව මා විශ්වාස කරනවා’ යැයි පැවැසීය.

දේශීය ප්‍රවාහන සහකරු අවකාශයේ දැනට සිටින සැපයුම්කරුවන් අභිබවා ටෙලිසන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයා  විසින්  හඳුන්වාදෙන  ලද  "SLT muve” පළමු  වරට රියදුරන්  හා  මඟීන්  වෙනුවෙන්  සුවිශේෂි පරාසයක  විශේෂාංග  හා  විකල්පයන්  ලබාදීමේ  පුරෝගාමියා  බවට  පත්ව  තිබේ.   "SLT muve” හි  මූළික වෙනස්කම්  ලෙස  යෙදුම "Mobile App" තුළ  ඇති  විශේෂාංග,  මොබිටෙල්  ජාලය  හරහා  දත්ත  රහිත ප්‍රවේශය   ඇතුළුව   මොබටෙල් හා  Peo TV සේවාවන් මඟින් හිමිවන ශ්‍රී  ලංකා   ටෙලිකොම්   සමූහ සහයෝගීතාවයේ  ප්‍රතිලාභ  සහ ආයතනික  හවුල්කාර  සේවා, මූළ්‍ය,  රක්ෂණ හා වෙනත්  අදාළ  සේවාවන් හැඳින්විය හැක.

‘උසස්  තත්ත්වයේ,  ආරක්ෂාකාරී  සහ  ලාභදායී  ප්‍රවාහන  ක්‍රමයක්  සඳහා  වෙළෙඳපොලෙහි  පරතරයක් තිබෙන  බව  අපි  විශ්වාස  කරනවා.  මෙම  සේවාව  ආරම්භයේදී  කොළඹ  ප්‍රදේශයට  වැඩි  අවධානයක් යොමු  කරලා පසුව  අපි වැඩි  ඉල්ලුමක්  සහිත වෙනත් ප්‍රදේශ  දක්වා  මෙය  ව්‍යාප්ත කරනවා.  වසර  160ක් පුරා  විශ්වසනීය  සමාගමක්  වශයෙන්  අප  ඇත්ත වශයෙන්ම  බැඳී  සිටිනවා අපගේ රියදුරු සහකරුවන්ට වැඩි සැළකිල්ලක් දක්වමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න.  

අපට අපගේ රියදුරන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳ  විශ්වාසයි. අප සක්‍රීයව විනයානුකූල සිහි විපරම් ප්‍රතිපත්තියක් අනුගමනය  කරනවා.  විනිවිදභාවයක්  ඇති  රියදුරු  ක්‍රියාත්මක  ව්‍යුහය  අපගේ  යෙදුමේ  ඇති  සුවිශේෂී විශේෂාංගයක් බවට පත්වේවි. ඒ වගේම නිරන්තර රියදුරු පුහුණුව හා රියදුරු පක්ෂපාතී වැඩසටහන් අප ව්‍යාපාරයට සුවිශේෂිභාවයක් එක්කරනවා.

මඟිීන්  වෙනුවෙන්  වැඩිදියුණු  කළ  වාහන  තත්ත්ව  කොන්දේසි ප්‍රතිපත්තිය   ලබාදෙන   අතරම   මඟීන්ගේ   ආරක්ෂාව   අප   සතු   මූලික   වගකීමක්   ලෙස   සලකනවා. පක්ෂපාතීබව   ගොඩනැඟීමට   නම්   අප   සන්නාමය   තුළ   තබා   ඇති   විශ්වාසය   වසර   ගණනක්   පුරා රැකගැනීමට  අවශ්‍යයි’  යැයි  ශ්‍රී  ලංකා  ටෙලිකොම් Digital Info Services (pvt ) Ltd හි  ප්‍රධාන  විධායක නිලධාරී මල්රාජ් බලපිටිය මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
 

"SLT muve"  යනු..

"SLT muve" යනු  ශ්‍රී  ලංකාවේ  ප්‍රමුඛතම  සන්නිවේදන  සැපයුම්කරු  වන  ශ්‍රී  ලංකා  ටෙලිකොම්  මඟින් සම්පූර්ණයෙන්ම  බලගැන්වෙන  ිප්රඑ  ප්‍රවාහන  සේවාවකි.  ‘සැමවිටම  වැඩිපුර  යමක්  සපයන්න’  යන මූලික  හරය  මත  පදනම්කරගමින් "SLT muve" ගොඩනඟා  ඇත්තේ  සැම  විටම  රියදුරන්ට,  මඟීන්ට  හා ප්‍රජාවට වැඩි යමක් ලබාදීමටයි.

අප සමාගමේ රියදුරන් වෙළඳපලෙහි වැඩිම ප්‍රතිලාභ ගණනකට හිමිකම් කියයි. එම සතුටට පත් රියදුරන් මඟින් සැමවිටම අප මඟීන්ගේ තෘප්තිමත්භාවය සුරක්ෂිත කරයි. අපගේ මඟීන්ට  දැරිය  හැකි  මිල  ගණන්  යටතේ  සුවපහසු  ගමන්  අවස්ථා  හා  තවත්  බොහෝ  වටිනාකම්  ලබාදී තිබේ.  සමාජය   නගා   සිටුවීම   වෙනුවෙන්   අප   ආයතනයේ   ගමන   පුරා   ආයතනික සමාජ වගකීම් වැඩසටහන් රාශියක් ඇතුළත්වී ඇත.