Wednesday, April 24, 2024

General line - 0115112241

‘සාගරිකා’ දුම්රිය කාලසටහන වෙනස් කරයි




මුහුදුබඩ මාර්ගයේ ධාවනය කෙරෙන සාගරිකා සීඝ්‍රගාමී දුම්රියේ කාලසටහන හෙට (01) සිට වෙනස් වනවා.

ඒ පිළිබද කරුණු දැක්වූ දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ පැවසුවේ මාතරින් පෙරවරු 4.55 ට පිටත් වන දුම්රිය ගාල්ලට පෙරවරු 5.44 ට ළඟාවීමට නියමිත බවයි. ඒ අනුව ගාල්ලේ සිට මරදාන දක්වා ධාවනය වීමේදී පෙරවරු 6.00 ට පිටත් වූ දුම්රිය විනාඩි පහක් පෙරට ගෙන පෙරවරු 5.55 ට පටත්වීමට කටයුතු යොදා ඇති බවද පැවසුවා.

සාගරිකා දුම්රියේ කාලසටහන මෙලෙස වෙනස් කරන්නේ මගී ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර ලබන 6 වනදා සිට 8 වනදා දක්වා පාලාවි දක්වා විශේෂ දුම්රිය කිහිපයක් යෙදවීමට නියමිතයි. දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ ඒ පිළිබඳවද පැහැදිළි කළා.

අගෝස්තු මස 06 වැනිදා පස්වරු 2.10 ට මොරටුවෙන් පිටත් වන දුම්රිය පස්වරු 6.55 ට පලාවි දුම්රිය ස්ථානයට ළඟා වෙයි.

අගෝස්තු මස 07 වැනිදා පලාවි දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.45 පිටත් වන දුම්රිය පස්වරු 9.00 ට මොරටුව දුම්රිය ස්ථානයට ළඟා වෙනවා.

අගෝස්තු 06 වැනිදා සිට 08 වැනිදා දක්වා කොළඹ කොටුවෙන් පෙරවරු 9.30 ට පිටත් වෙන දුම්රිය පලාවි දුම්රිය ස්ථානයට පස්වරු 1.05 ට ළඟාවෙන බවත් පැවසුවා.

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ අගෝස්තු මංගල්‍යය වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ධාවනයට යොදවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.