Thursday, March 28, 2024

General line - 0115112241

"නායකයන් මෙන්ම නායකයන් තෝරන ජනතාවද වෙනස් විය යුතුයි"



මෙරට නායකයින් මෙන්ම, නායකයින් තෝරා පත් කර ගන්නා ජනතාව ද වෙනස් විය යුතු බව දේශෝදය ව්‍යාපාරය පවසනවා.

දේශෝදය ව්‍යාපාරය හා ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඒ පිළිබඳ අදහස් දැක්වූයේ දේශෝදය ව්‍යාපාරයේ මාධ්‍ය ප‍්‍රකාශක තරිඳු ගුණවර්ධනයි.

ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ මහ ලේකම් සේනක සිංහලගේ ද මෙම සංවාදයට එක්වුණා. ඔහු සඳහන් කළේ පක්ෂයක් හරහා ඉදිරියේදී දේශපාලනයට අවතීර්ණ වන බවයි.

ඊයේ (24) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.