Saturday, April 20, 2024

General line - 0115112241

පියා සහ දියණියන් දෙදෙනාගේ දේහයන් නිවසට

රංජිත් රාජපක්ෂ




විනෝද චාරිකාවක් සඳහා යාල ප්‍රදේශයට ගොස් කිරින්ද වෙරළ තීරයේදී ඉකුත් 23 වැනි දින සැඩ පහරකට හසු වී මිය ගිය හැටන් ප්‍රදේශයේ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහයන් ඊයේ (24) රාත්‍රියේ හැටන් සාත්තු නිවාස පාරේ පිහිටි ඔවුන්ගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වුයේ නුවන් ඉන්දික ජයසුරිය (39) (ව්‍යාපාරික), නෙසත්මා සහන්ලි විජේසුරිය (06) , නදින්සා මිනෝමි විජේසුරිය (04) යන අයයි.

මිය ගිය නුවන් ඉන්දික විජේසුරියගේ බිරිඳ පෞද්ගලික බැංකුවක නුවරඑළිය නගරයේ ශාඛාවක විධායක නිලධාරිනිවරියක වශයෙන් සේවය කරන අතර එම බැංකුව විසින් සංවිධානය කරන ලද විනෝද චාරිකාවක් සඳහා එම පිරිස ඉකුත් 22 වැනි දින යාල ප්‍රදේශයට ගොස් සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියා. ඊට පසු දින උදැසන 7.30 ට පමණ වෙරළ තිරයේ රළ පැගීමට ගිය අවස්තාවේ මෙම අනතුරට මුහුණ පා තිබුණා.

බිරිඳ වන හසිනි විජේසුරිය ද මෙම අනතුරට මුහුණ පා බරපතල තත්ත්වයෙන් අම්පාර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මිය ගිය තිදෙනාගේ අවසන් කටයුතු අද (25) පස්වරු 4.00 ට හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි.