Thursday, April 25, 2024

General line - 0115112241

විශේෂ කාරක සභාවට යුද හමුදාපතිවත් කැඳවයි




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට (26) දිනයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයක ද කැඳවා ඇතැයි වාර්තා වනවා.

යුද හමුදාපතිවරයාට අමතරව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු ද හෙට දිනයේ කාරක සභාව හමුවට කැඳවීමටයි තීරණය කර ඇත්තේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට පස්වරු 02.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර කැඳවීමක් ලැබුණහොත් තමන් ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට සූදානම් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කියා සිටියා. ඒ, ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අග‍්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ නීතිය හා සාමය අමාත්‍යංශය භාරව කටයුතු කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු ද කැඳවීමට මේ වනවිට තීරණය කර තිබෙනවා.