Saturday, April 20, 2024

General line - 0115112241

අද තරගය එංගලන්තයට තීරණාත්මකයි

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරගය ලන්ඩන් නුවරදී අද (25) පැවැත්වෙනවා.

ප‍්‍රසාද ලකුණු සටහනේ ලකුණු 10ක් ලබා, දෙවන ස්ථානයේ පසුවන්නේ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමයි.

එංගලන්ත කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 8ක් ලබා එම ලකුණු සටහනේ සිවුවන ස්ථානයේ පසුවනවා.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මේ දක්වා තරග 6කට කී‍්‍රඩා කරමින් ජයගෙන ඇති තරග සංඛ්‍යාව 5ක්. එංගලන්ත කණ්ඩායමද තරග 6කට කි‍්‍රඩා කර ඇති අතර ඔවුන් ඉන් ජය ගත්තේ තරග 4ක් පමණයි.

එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර මේ දක්වා පවත්වා ඇති ලෝක කුසලාන තරග සංඛ්‍යාව 7ක්. ඉන් තරග 5ක් ඕස්ට්‍රේලියාව ජයගත් අතර එංගලන්තය තරග 2ක් ජය ගැනිමට සමත්වුණා. 

මේ අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා එංගලන්තය, බංග්ලාදේශය, ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තියුනු තරගයක් නිර්මාණය වී තිබෙනවා.

අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් එංගලන්ත කණ්ඩායමට අද තරගයේ ජය තීරණාත්මකයි. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම අද තරගය ඇතුලූව ඉදිරි තරග පරාජයට පත් වුවහොත් ප‍්‍රසාද ලකුනු සටහනේ ඔවුන්ට පහළින් ඇති කණ්ඩායම්වලට යම් වාසිදායක තත්ත්වයක් උදා වනු ඇති.