Saturday, April 20, 2024

General line - 0115112241

වෛද්‍ය ශාෆි ගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් 

අධිකරණ වාර්තාකරු




අයථා ආකාරයට දේපල උපයා ගැනීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි ශිහාබ්ඩීන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

රැදවුම් භාරයෙන් තමා නිදහස් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට මෙම පෙත්සමෙන් පෙත්සම්කරුවන් වන නීතිඥ රුෂ්ඩි හබීබ් සහ වෛද්‍ය ශාෆි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

පොලිසිය විසින් වෛද්‍ය ශාෆි අත්අඩංගුවට ගැනීමට පදනම් කර ගෙන ඇති චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බව පෙත්සම්කරුවන් පවසා සිටිනවා.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂකවරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත.