Friday, April 26, 2024

General line - 0115112241

ඉරාන ජනපතිගෙන් අමෙරිකාවට චෝදනා

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකාව ගත් තීරණය කෝපාවිශ්ට හා අනුවණ ක්‍රියාවක් බව ඉරාන ජනාධිපති හසන් රොහානි පවසනවා. ධවල මන්දිරය සිය රට සම්බන්ධයෙන් උන්මත්තක අයුරින් ක්‍රියාකරන බවටයි ඉරාන ජනාධිපතිවරයා චෝදනා නැගුවේ.

උත්තරීතර නායක අල් කමේනිට කිසිඳු විදෙස් වත්කමක් නොමැති බැවින්, ඔහුට එරෙහිව සම්බාධක පැනවීමෙන් අමෙරිකාව අසාර්ථක වූ බවද ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. අමෙරිකාවේ ක්‍රියාකලාපය හමුවේ ඉරානය ඉවසිලිවන්තව කටයුතු කරන්නේ අමරිකාවට ඇති බිය නිසා නොවන බව ද ඉරාන නායකයා පවසා තිබෙනවා. එහෙත්, සිය රටට එරෙහිව අමෙරිකාව තවදුරටත් සම්බාධක පනවන්නේ නම් ඉන් අමෙරිකාව අපේක්ෂා භංගත්වකට පත්වනු ඇති බවට ද ඉරාන ජනාධිපති හසන් රොහානි අවධාරණය කර තිබෙනවා. 

ඉරාන නායක හසන් රොහානි මෙලෙස උදහසට ලක්ව සිටින්නේ එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට සහ ජ්‍යෙෂ්ඨ කමාන්ඩෝවරුන් 08දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීමත් සමගයි.