Saturday, April 20, 2024

General line - 0115112241

සංහිඳියා වැඩපිළිවෙලේ සාර්ථකත්වය අගමැති පෙන්වයි




සංහිඳියාව වෙනුවෙන් ගෙනගිය වැඩිපිළිවෙල සාර්ථක වී ඇති බව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ජනතාවගේ සාමකාමී හැසිරීම තුළින් පැහැදිළි වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික සාම මණ්ඩලය සංවිධාන කර තිබූ සාමය හා සංහිඳියාව පිළිබඳ ප්‍රජා නායකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 

ස්වාධීන හානිපූර්ණ කාර්යාලයක් හරහා පාස්කු ප්‍රහාරයට මුහුණ දුන් ජනතාවට වන්දි ලබා දීම පිළිබඳ ඉදිරියටත් කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.