Thursday, April 25, 2024

General line - 0115112241

රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම ගැන නව චක්‍රලේඛණයට කැබිනට් අනුමැතිය

දිනුක් හේවාවිතාරණ




රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය අද (25) හිමිවි තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි අද පැවති කැබිනට් රැස්වීමේ දී ඒ සඳහා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සාරිය, ඔසරිය අමතරව වෙනත් ඕනෑම සංවර ඇඳුමක් ඇඳීමට අවසර හිමිවන අතර මුහුණ ආවරණය නොවන පරිදි එම ඇඳුම් ඇදිය යුතු බව නව කෙටුම්පතේ සදහන්ව ඇති බව සඳහන්.

මිට පෙර රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛණය අගමැතිවරයාගේ උපදෙස් මත අත්හිටුවීමට සිදුවුයේ එහි තිබු අඩුපාඩු කිහිපයක් හේතුවෙනි.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ නිල ඇදුම් පිළිබද නව චක්‍රලේඛණය ඉදිරියේදි නිකුත් කිරිමට නියමිත බවයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සදහන් කර සිටියේ.