Friday, March 29, 2024

General line - 0115112241

නව ආගමන විගමන පාලක ජනරාල් පත් කිරීමට කැබිනට් අනුමැතිය 

දිනුක් හේවාවිතාරණ




නව ආගමන විගමන පාලක ජනරාල් ලෙස පසන් රත්නායක පත්කිරිම සදහා අද (25) රැස්වු කැබිනට් මණ්ඩල රැස්විමේදි අනුමැතිය හිමිවි ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් වන ඔහු 2017 වසරේ සිට අතිරේක ආගමන විගමන පාලක ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.

හිටපු ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කිරීමෙන් පසු මාස දෙකකට ආසන්න කාලයක් එම තනතුර පුරප්පාඩු වී තිබුනා.