Friday, April 26, 2024

General line - 0115112241

පාද යාත්‍රාව සමාධිය අසලින් යද්දී නාමල් චන්ද්‍රිකාට පිළිතුරු දෙයි (VIDEO)




ජන සටන පාද යාත්‍රාව හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසලින් අද (31) පෙරවරුවේ ගමන් ගත්තා.  නිට්ටඹුවෙන් පෙරවරු 10.10 ට පමණ ඇරඹි පාද යාත්‍රාව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසළින් ගමන් කරද්දී නාමල් රාජපක්ෂ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ චෝදනාවලට ද පිළිතුරු දුන්නා.

කෙසේවෙතත් මෙම ස්ථානය අසළින් පාද යාත්‍රාව ගමන් කරද්දී සටන් පාඨ නවතා කොඩි පහත් කර නිහඬව ගමන් කිරීමටද පිරිස කටයුතු කර තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයෙකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක සමාධියට ගල් ගසයි යනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක සිතීම වැරදි සහගත බවද නාමල් රාජපක්ෂ මෙහිදී පැවසුවා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)