Thursday, April 25, 2024

General line - 0115112241

බදු දැලට නාවොත් වෙන දේ ගැන අලුත් පනත අනුව අනතුරු අඟවයි

රවින්ද්‍ර චන්ද්‍රලාල්




නව දේශීය ආදායම් පනත යටතේ බදු පැහැර හරින්නන්ට එරෙහිව රුපියල් දස ලක්‍ෂයක දඩයක් හෝ වසරක සිරදඩුවමක් නියම කළ හැකි බව දේශීය ආදායම් කොමසාරිස් නදුන් ගුරුගේ පවසනවා.

ගාල්ල ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී "බදු ගෙවන සල්ලි වලින් තමයි සියලුම දේවල් කරන්නේ.. බදු නොගෙවන කට්ටියට ආරාධනා කළා එන්න බදු දැලට කියලා. නාවොත් අලුත් පනත අනුව නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. ඕන තරම් බදු වංචා කරන කට්ටියත් ඉන්නවා. සියලු දෙනාටම විවෘතයි...දෙපාර්තමේන්තුවට තොරතුරු සපයන්න. අදාළ පුද්ගලයාගෙන් අයකරන අතිරේක බද්දෙන් 10%ක් තොරතුරු සපයන්නාට දෙනවා. " යනුවෙන් සඳහන් කළා.