Friday, March 29, 2024

General line - 0115112241

කසල තේ කිලෝ 12,000 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු යටියන්තොටදී අත්අඩංගුවට

නිහාල්සිරි ගම්ලත්




කසල තේ කිලෝග‍්‍රෑම් 12,000 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු යටියන්තොටදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගෙලිඔය ප‍්‍රදේශයේ සිට පෑලියගොඩ දක්වා මෙම කසල තේ තොගය කන්ටේනර් රථ දෙකක් මාර්ගයෙන් ප‍්‍රවාහනය කරමින් තිබියදීයි.

යටියන්තොට පොලිස් මාර්ග බාධකයේදී එම කන්ටේනර් රථ දෙක පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම කසල තේ තොගය සොයා ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගැණුනු මෙම එක් කන්ටේනර් රථයක් 2018 වසරේද කසල තේ සමග අත්අඩංගුවට පත් වූ රථයක් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.